ගම්මිරිස් අස්වැන්න වැඩි වෙයි

154

ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික අස්වැන්න මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේ දී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබේ. 2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න 2023 වර්ෂයේ වාර්තා කිරීමට හැකි වී ඇත්තේ ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබා දීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment