ගම්වාසීහු යාපනයේ ගණිකා නිවාසයක් වටලා තරුණියන් දෙදෙනකු හා පුද්ගලයෙකු පොලිසියට භාර දෙති

5523

යාපනයේ කොකුවිල් කුලප්පිඩ්ඩි ප්‍රදේශයේ ගණිකා නිවාසක් වැටලූ ගම්වාසීන් පිරිසක් ගණිකා වෘත්තියේ නියැලුණු තරුණියන් දෙදෙනකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන 1 දා කොකුවිල් පොලීසිය වෙත භාර දී තිබේ.

ගම්වාසීන් ප්‍රකාශ කළේ ඔවුන් එම ගණිකා නිවාසය වටලන අවස්ථාවේදි එහි සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු නිවාසයේ පිටුපසින් පලා ගිය බවයි.

මෙම ගණිකා නිවාසය සම්බන්ධයෙන් කොකුවිල් පොලිසියට අවස්ථා කීපයකදීම දැනුම් දෙන ලද නමුත් පොලිසිය එම ගණිකා නිවාසයට එරෙහිව කටයුතු නොකළ බවයි.

මෙම ගණිකා නිවාසය පමණක් නොව යාපනයේ කුලප්පිඩ්ඩි හන්දියේ සිට ආනේකෝට්ටෙයි ප්‍රදේශය දක්වා ගණිකා නිවාස පෙලක්ම ඇති නමුත් ඒ කිසිදු ගණිකා නිවාසයකට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක් වී නොමැති බවද ගම්වාසීන් පැවසූහ.

කුලප්පිඩ්ඩි ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට බාර දුන් තරුණියන් දෙදෙනා හා අනෙක් පුද්ගලයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment