ග්‍රාමීය ව්‍යවසායකයන්ට අලුත්ම ණයක්

53

ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා ළඟදීම නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අලුත් ව්‍යවසායන් ඇරඹීමට බලාපොරොත්තු වන අයට මෙහිදී ප්‍රමුඛතාව දෙන බවත් ගමේ ආර්ථිකය දියුණු කිරීමට මෙමගින් අපේක්‍ෂිත බවත් අගමැතිවරයා කියයි.

වෙනත් ණය යෝජනා ක්‍රම මගින් ණය ලබාගෙන තිබීම මෙම ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වීමට නුසුදුසුකමක් නොවේ. මේ යටතේ ග්‍රාමීය වශයෙන් කාන්තා ව්‍යවසායකයන් ලක්‍ෂ 5ක් බිහි කිරීම රජයේ අරමුණ බවත් මේ යටතේ නිවසේ එදිනෙදා කටයුතුවලට පමණක් සීමාවී සිටින කාන්තාවන්ට මේ ණය ක්‍රමය හා එක්වී අලුතින් ආදායම් මාර්ගයක් උපයාගත හැකි බවත් අගමැතිවරයා තවදුරටත් කීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment