සාගතය ඔඩු දුවා තිබෙන මධ්‍යම ගාසා තීරයේ පිහිටි ලෝක ආහාර වැඩසටහනට අයත් ගුදමකට ආනවසරයෙන් කඩා වැදී ඇති දහස් ගණනක් වූ පලස්තීන ජාතිකයන් පිරිසක් ගුදමෙහි තැන්පත් කර තිබූ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කළ බෑග් රැගෙන පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙහිදී ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් එම පිරිසෙන් දෙදෙනකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා තිබේ.
මධ්‍යම ගාසා තීරයෙහි පිහිටි ලෝක ආහාර වැඩසටහනට අයත් “අල් ගෆාරී” ගුදමට කඩා වැදී ඇති පලස්තීන ජාතිකයන් පිරිසක් මෙසේ ගාසා වැසියන් අතර බෙදාහැරීම සඳහා තැන්පත් කර තිබූ ආහාර ද්‍රව්‍ය තොගයක් පැහැරගෙන ගොස් ඇති බවත් ඔවුන් පලවා හැරීම සඳහා ආරක්ෂකයන් වෙඩි තබා ඇති බවද වාර්තා වී තිබේ.