කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇත.
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ කතරගම ඩිපෝවට අයත් ලංගම බස්රථයක් පසුගිය 11 වැනිදා අලුයම ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වී 22ක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණි. මෙම අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත මෙම කමිටුව පත්කර තිබේ. කමිටුවට තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු සිව්දෙනෙක් අයත් වෙති.
මෙම කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකිරීමට නියමිතය. ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පොලිසියට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස ද වැඩබලන පොලිස්පතිවරයා කමිටුවට දැනුම් දී ඇත.
චමින්ද සිල්වා