පිළිකාවක් කලින් හඳුනා ගැනීමේ  වැදගත්කම

352

පිළිකා රෝගය තරම් අප තුළ අසීමිත බියක් ඇති කරන වෙනත් රෝගයක් නැති තරම්ය. එනිසා කිසියම් පුද්ගලයකුට මතුව ඇති රෝග තත්ත්වයක් වෛද්‍ය පරීක්‍ෂාවට ලක්කර ඉන් පිළිකා රෝගයක් වැළඳී ඇති බවට අනාවරණය වුවහොත් අදාළ රෝගියා තුළ ඇති වන මානසික පීඩනය කෙසේදැයි සිතාගත හැකිය.

 නමුත් සෑම පිළිකා රෝගයක්ම මාරාන්තික නැත. බොහෝ පිළිකා රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් එය සුව කළ හැකිය.

 පිළිකාවක් යනු ජාන විකෘතිතාවයක් නිසා  හටගන්නා රෝගයකි. මෙම විකෘතිතාවය හඳුනාගත නොහැකි හේතු නිසා සහ අප ගනු ලබන ඇතැම් ආහාරපාන ජීවත් වන පරිසරයේ බලපෑම නිසා ඇතිවේ.

 පිළිකා කාරක ද්‍රව්‍යයක් එක්වර ගත්තත් ඊට පසුදින පිළිකා රෝගයක් මතුවීමට බලපාන්නේ නැත. එය යම් කාලසීමාවක් ශරීරගත වීම තුළින් පිළිකාවක් ඇතිවීමට බලපායි. එනිසා පිළිකා කාරක ද්‍රව්‍ය ලෙස නම්කර ඇති ආහාර වර්ග රසකාරක, දුම්වැටි ආදිය භාවිතයෙන් ඈත්විය යුතුය.

 පිළිකාවක් හඳුනා ගැනීම ඕනෑම පිළිකාවක් මුල් අවස්ථාවේදීම හඳුනා  ගැනීම සඳහා අප රටේ පහසුකම් ඇත.

 ශී‍්‍ර ලංකාවේ පළාත් 9 හිම දිස්ති‍්‍රක් රෝහල් සහ ප‍්‍රධාන රෝහල්හි පිළිකා රෝග ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ඇත. එවැනි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට ගොස් තමාට පිළිකා රෝගයක් ඇතැයි කියා යම් සැකයක් පවතී නම් ඒ සඳහා අවශ්‍ය නිසි පරීක්‍ෂාවකට යොමුවිය හැකිය.

 පිළිකාවක් කලින් හඳුනා ගැනීමේ පරීක්‍ෂාවන් සිදුකරන විශේෂ පරීක්‍ෂණ මධ්‍යස්ථානද රට තුළ පිහිටා ඇත. එවැනි පරීක්‍ෂණ මධ්‍යස්ථානයකට යොමුවී තමාට පිළිකාවක් මතුව ඇතිදැයි කියා මුල් අවස්ථාවේදීම සැකහැර දැන ගැනීමෙන් මතුව ඇත්තේ පිළිකාවක් නම් ඊට නිසි ප‍්‍රතිකාර ලබාදී සුව කළ හැකිය.

 එලෙස පියයුරු, ගර්භාෂය, බඩවැල් ආශී‍්‍රත, ගුද මාර්ගය, පෙනහළු, ඩිම්බකෝෂය, මුඛය, තයිරෝයිඞ් ග‍්‍රන්ථි ආදී ඉන්ද්‍රියයන් ආශී‍්‍රතව බහුලව ඇතිවන පිළිකා නිසි ප‍්‍රතිකාර මගින් සුව කළ හැකිය.

 සහන ප‍්‍රතිකාර ඇතැම් පිළිකා රෝගවලදී එය වර්ධනය වී ඇති ආකාරය අනුව සහ රෝග තත්ත්වය අනුව සුව කළ නොහැකිය. එවැනි රෝගීන්ට ලබා දෙන්නේ සහන ප‍්‍රතිකාරයකි. එහිදී සිදු කරන්නේ රෝගය සුව කිරීමට ප‍්‍රතිකාර නොව රෝගියා ජීවත්ව සිටින කාලය සඳහා යම් සහනයක් ලබාදීමය.

 රෝගියාගේ ඇති වන කායික මානසික පීඩාව දුරු කිරීමට අවශ්‍ය සහන ප‍්‍රතිකාර ලබාදීම මෙහිදී මූලිකවේ.

 මෙවැනි රෝගීන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන අතර රෝගියා පමණක් නොව රෝගියාගේ පවුලේ සාමාජිකයන් සඳහාද මානසික සහනය ඇති කිරීමට අවශ්‍ය පියවර ගනු ලබයි.

 මෙවැනි සහන ප‍්‍රතිකාර සිදුකරන විශේෂ ඒකක මහරගම අපේක්‍ෂා රෝහල, කළුබෝවිල ශික්‍ෂණ රෝහල, කරාපිටිය ශික්‍ෂණ රෝහල, රත්නපුරය

 මහ රෝහල, යාපනය ශික්‍ෂණ රෝහල සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ආශී‍්‍රතව දැනට කි‍්‍රයාත්මකව පවතී.

 මෙහිදී පිළිකාව නිසා මරණාසන්න රෝගියාගේ මානසික සහනය ඇති කිරීම, පවුලේ සාමාජිකයන්ගේ මතුව ඇති මානසික පීඩනය අවම කිරීමට පියවර ගැනීම ආදිය සිදු කරයි.

 ජාතික පිළිකා රෝග මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය ඊෂානි ප‍්‍රනාන්දු සහ මහරගම අපේක්‍ෂා රෝහලේ විශේෂඥ වෛද්‍ය සුජීවා වීරසිංහ යන මහත්මීන්  දැක්වූ අදහස් ඇසුරිනි.

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment