තී‍්‍රවීල් රථය පෙරළී පාසල් ළමුන් හයක් තුවාලයි

93

ඩී.සයිඩ් වතුයායේ සිට මස්කෙළිය දක්වා පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රීවීල් රථයක් එම වතු මාර්ගයේ වංගුවක් අසලදී අද (01) උදේ 07ට පමණ පෙරළීමෙන් එහි ගමන් ගත් පාසල් ළමයින් 06 දෙනෙක් සුළු තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම ත්‍රීවීල් රථය පදවා ඇත්තේ වයස අවුරුදු 17ක තරුණයෙක් බවත්, ඔහුට රියදුරු බලපත්‍රයක් නොමැති බවත් මස්කෙළිය පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment