අගෝස්තුවේ ඉදිකිරිම් වැඩ දුර්වල අඩියක – මහ බැංකුව කියයි

130

ඉකුත් අගෝස්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල දුර්වල ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව ඉදිකිරීම් කටයුතුවල දුර්වල ක්‍රියාකාරීත්වය හමුවේ සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය ඒකක 47ක අගයක් වාර්තා කර ඇත.

මෙහිදී පවතින සීමිත ව්‍යාපෘති සඳහා ඇති අධික තරගකාරී ටෙන්ඩර් ලංසු තැබීම් හමුවේ සිය මිල ගණන් පහත දැමීමට සිදුව ඇති බව මෙම සමීක්‍ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන් සඳහන් කළ බව ද මහ බැංකුව කියයි.

නව ව්‍යාපෘති නොමැති වීම ඉදිකිරිම් කටයුතු සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව නව ඇණවුම්වල අඛණ්ඩ පහත වැටීමෙන් පිළිබිඹු වන බව ද මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment