ගැරඬිඇල්ල ආසන්නයේ දී සිදුවූ බස් රථ අනතුරේදී බස් රථය ප්‍රපාතයට පෙරළෙන අවස්ථාවේ දී බස්රථයේ සුන්බුන් ගොඩ සිය කෙසඟ සිරුරින් දරා ගනිමින් තම මාස හයක දියණියගේ ජීවිතය රැකදී මෙලොවෙන් සමුගත් මවගේ සහ මියගිය පියාගේ ඥාතීන් සොයා ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා ඔවුන් පදිංචි හල්දුම්මුල්ල මීරියබැද්ද වතුකර ගම්මානයට ගියේය.
මෙතෙක් කල් ඔවුන් ජීවත්වූයේ මීට වසර එකොළහකට පෙර නාය යාමකින් ඔවුන්ගේ අසල්වාසීන්ගේ ජීවිත 37 ක් නිමේෂයකින් වැලලී ගිය ඔවුන් ද අවදානමේ සිටි හල්දුම්මුල්ල මීරියබැද්ද වතුකර ගම්මානයේය. සයමස් දියණියගේ 17 හැවිරිදි වැඩිමහල් සහෝදරියට සහ වැඩිමහල් සහෝදරයින් තිදෙනා හමුවූ ආණ්ඩුකාරවරයා ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ආණ්ඩුකාර අරමුදලෙන් මුදල් පරිත්‍යාගයක් සිදුකළේය. ඉදිරි කලයේ දී මෙම පවුල පෝෂණය කිරීමට වැඩපිළිවෙලක් දියත් කරන බව ද ආණ්ඩුකාරවරයා ඥතීන්ට දැන්වීය.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක