ගුරුවරිය කොල්ලකෑ සැකකරුට තරුණයින් කළ දේ

2386

කුරුණෑගල බලා පිටත් වීමට නියමිතව තිබූ බස් රථයක සිටි ගුරුවරියකගේ ලක්ෂ දෙකකට ආසන්න ගෙල බැඳි රන්මාලය කොල්ලකා පලා ගිය සැකකරුවෙකු අද (17දා) දහවල් ලුහු බැඳ ගොස් අල්ලා ගත් තරුණ පිරිසක් එම සැකකරු අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කළහ.

කැබිතිගොල්ලෑව දුටුවැව ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණල රැකියාව සිදු කරන වාරියපොල සුමංගල විද්‍යාලයට යාමට බස් රථයකට නැග සිටි තරුණ ගුරුවරියගේ රන්මාලය සැකකරු මෙලෙස කඩා ගෙන ඇති බව පොලිසිය කියයි.

සිද්ධියට මුහුණ පෑ ගුරුවරිය පිටත් වීමට නියමිත බසයේ අසුනක වාඩි වී සිටියදී ඊට පිටුපස අසුනේ වාඩිවී සිටි සැකකරු එක්වරම එම රන්මාලය කඩා ගෙන බස් රථයෙන් පිටතට දිව ගොස් තිබේ.

එම ගුරුවරිය කෑ ගසන සද්දය ඇසුණු බස් රථ කොන්දොස්තරවරයෙකු හා අනුරාධපුර පැරැණි බස් නැවතුම්පල ඉදිරිපිට ත්‍රී රෝද රථ ගාලේ පිරිසක් සැකකරු පසු පස ලුහු බැඳ ගොස් ඔහු අල්ලා ගෙන පොලිසියට භාර දීමට කටයුතු කලහ.

advertistmentadvertistment
advertistmentadvertistment