කැනඩාවේදී පහරදී බිරිඳ මැරූ මුලතිව් වැසියෙකුට එරටදී ජීවිතාන්ත සිරදඬුවම්

380

කැනඩාවේ මහා මාර්ගයකදී සිය බිරිඳට පහර දී මරා දැමූ මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකුට කැනඩා අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පනවා තිබේ.

2019 සැප්තැම්බර් මස 23 වෙනිදා මෙම සිදුවීම සිදුව ඇති අතර ඇයව මරා දැමීමට ප්‍රධාන හේතුව විත්තිකරු විසින් තවත් කාන්තාවක් සමග ඇති කරගෙන තිබූ අනියම් සබඳතාවයක් නිසා බවට අධිකරණයේදී තොරතුරු හෙළිදරව් වී අති අතර විත්තිකරු බිරිඳ මරා දැමීමෙන් පසුව එම අනියම් ඇසුර පවත්වා ගෙන ගිය කාන්තාව සමග ජීවත් වී තිබේ.

යාපනයේ මනිපායී ප්‍රදේශයේ පදිංචිව සිටි දර්ශිකා ජෙගනාදන් නමැති කාන්තාව සමග විත්තිකරු 2015 දී ඉන්දියාවේදී විවාහ වී පසුව දෙදෙනාම කැනඩාවට ගොස් තිබේ.

සසිකරන් තනපාලසිංහම් නමති විත්තිකරු සිය බිරිඳ සමග බසයකින් ගමන් කොට ඉන් බිමට බසින ලද අවස්ථාවේදීම සිය බිරිඳට මහ පාරේදී පහර දීම නිසා ඇය බරපතල තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර කැනඩා පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති නඩු විභාගයේදී මොහුට එම දඬුවම හිමිව ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment