මවගේ අනියම් සැමියා 12 හැවිරිදි දියණියට අතවර කරලා

934

12 හැවිරිදි බාල දියණිය නිරුවත් කොට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන මවගේ අනියම් සැමියා බියගම පොලිසිය මගින් පෙරේදා ( 27 වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සැකකාර අනියම් සැමියා එම කාන්තාව හා ඇයගේ 12 හැවිරිදි හා 18 හැවිරිදි දියණියන් සමග බියගම , සියඹලාපේ හන්දිය ප‍්‍රදේශයේ නේවාසිකාගාරයක කාමරයක නවාතැන් ගෙන සිටින අතර එම කාන්තාව හා වැඩිමල් දියණිය රැුකියාවට ගොස් සිටි අවස්ථාවේ ඔහු එම අපරාධය සිදු කර ඇතැයි කියති.

එම සැකකරු මාවතගම ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකුවන අතර මේ කාන්තාව වැලිවේරිය ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකි.

මෙහිදී අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා රාගම මහා රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකාර අනියම් සැමියා මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යයි.

බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධනංජය රාජපක්ෂ , සැරයන් අල්විස් (26942, බෝමුල්ල (33161 හා කාන්තා පො කො. සමීරා (10622* යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.

දෙල්ගොඩ ඩබ්ලිව්. ඞී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment