ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කිරීමේ K8 වර්ගයේ යානයක් වාරියපොළ ප්‍රදේශයට කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් සත්පුද්ගල කමිටුවක් පත්කර ඇත.
අද (21දා) උදෑසන වාරියපොළ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ජෙට් යානය අනතුරකට ලක්විය.
කටුනායක සිට ගුවන්ගත කළ එම යානය කඩාවැටී තිබුණේ වාරියපොළ ප්‍රදේශයේදී ය.
එහි ගමන් කළ නියමුවන් දෙදෙනා නිරුපද්‍රිතව පැරිෂුට් ආධාරයෙන් පොළොවට පතිතවී තිබිණි.