LOLC ෆිනෑන්ස්, මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ‘වටිනාම පාරිභෝගික සන්නාම’ අතර ප්‍රමුඛස්ථානයට

105
ක්‍රිෂාන් තිලකරත්න අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ඛධඛක්‍ ෆිනෑන්ස්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස්, සිය අධිෂ්ඨානශීලී කැපවීම සහ නවෝත්පාදන උපාය මාර්ග වලට සාක්ෂි දරමින් සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක් සහ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

කීර්තිමත් ‘සන්නාම මූල්‍ය දර්ශකයේ’ 2023 වසරේ දිවයිනේ වේගවත්ම වර්ධනයක් සහිත සන්නාම 10 අතර ගෞරවාන්විත සිව්වන ස්ථානයට නම් කර ඇති LOLC ෆිනෑන්ස්, වෙළඳ නාමය පුළුල් කිරීමේදී ආකර්ෂණීය 18% ක වර්ධනයක් ලබා ඇත.

ආයතනයේ කැපී පෙනෙන ව්‍යාප්තිය, පුරෝගාමී මූල්‍ය විසඳුම් සැපයීම සඳහා එහි ක්‍රියාකාරී ස්ථාවරය පිළිබිඹු කරයි.

පාරිභෝගික කේන්ද්‍රීයතාවය කෙරෙහි දැඩි අවධානය, අනුවර්තනය වීමේ හැකියාව සහ ඉදිරි දැක්මක් සහිත උපාය මාර්ග, LOLC ෆිනෑන්ස් සන්නාමයේ වටිනාකම ඉදිරියට ගෙනයාමට ප්‍රධාන වශයෙන් ඉවහල් වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත සන්නාම දර්ශක ලකුණු අතර කැපී පෙනෙන වර්ධනයක් අත්කරගැනීමට සමාගම හැකිවී තිබේ.

සංඛ්‍යාත්මක ජයග්‍රහණ LOLC ෆිනෑන්ස් විසින් අත්කරගෙන ඇති දැවැන්ත සාර්ථකත්වය අවධාරණය කරයි. පෙර වසරේ පැවති බිලියන 7 සිට බිලියන 8.2 ක ශක්තිමත් සන්නාම තක්සේරුවක් අත්කරගනිමින්18% ක කැපී පෙනෙන වර්ධනයක් ලැබූ LOLC ෆිනෑන්ස්, සමස්ත සන්නාම ශ්‍රේණිගත කිරීම AA- සිට AA+ දක්වා ඉහළ නංවා ඇත. මෙම ජයග්‍රහණය ඊටත් වඩා වැදගත්කමකින් යුක්ත වන්නේ ශ්‍රේණිගත කිරීමේ දක්වා ඇති

ප්‍රමුඛතම වෙළඳ නාම 100 යේ ඒකාබද්ධ අගය සැලකිය යුතු 16% කින් හැකිලෙමින් පිළිබිඹු කළ2022 වසරේ ශ්‍රී ලාංකේය සන්නාමයන් මුහුණ දුන් දුෂ්කරතාවන් සැලකිල්ලට ගනිමේදීයි. මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස LOLC ෆිනෑන්ස් සිය ස්ථානය ඉහළටම රැගෙන යාමද මෙහිදී කැපී පෙනේ.

advertistmentadvertistment
advertistmentadvertistment