සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ තිලංග සුමතිපාල විසින් නිෂ්පාදනය කළ ‘ගෞතම බුද්ධමාතා’ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කර පසුගියදා දින 75 ක් සපුරන ලදී. අඛණ්ඩව දින 75 ක් ප්‍රදර්ශනය පසුකරමින් ආරම්භක සිනමාශාලා විසිහතරක ප්‍රදර්ශනයවීමේ ප්‍රීතිය නිමිත්තෙන් පසුගියදා කටුබැද්ද රීගල් සිනමා ශාලාවේ ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් විශේෂ දර්ශනයක් පවත්වන ලදී. එම අවස්ථාවට චිත්‍රපටයේ අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ නිෂ්පාදක තිලංග සුමතිපාල සහභාගි වූහ.
|