යුක්රේන ආක‍්‍රමණයට එරෙහි ජිනීවා යෝජනාව වැඩි ඡන්ද 29කින් ජයගනී

259

යුක්රේන ආක‍්‍රමණයට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 29ක් ලබා ජයගෙන ඇත.

මෙහිදී රුසියාවට පක්‍ෂව ද රටවල් 5ක් පමණ ඡන්දය පාවිච්චි කර ඇත. එම රටවල් නම් චීනය, කියුබාව වෙනිසියුලාව, ඉරිට්ටියාව සහ රුසියාවයි. රටවල් 13ක් ඡන්දය දීමෙන් වැළකී ඇත.

ඉන්දියාව ද ඡන්දය දීමෙන් වැළකී තිබේ. යුක්රේන ආක‍්‍රමණය පිළිබඳව විවාදය සහ රුසියාවට එරෙහිව ගතයුතු කි‍්‍රයාමාර්ග ගැන අද (4 දා) උදේ 10 සිට දහවල් 1 දක්වා විශේෂ විවාදයක් පැවැත්වේ. බටහිර රටවල් සියල්ලම රුසියාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment