සෞඛ්‍ය වෘත්තීය සමිති  දෙවැනි දිනටත් වර්ජනයේ… රෝහල් සේවා රැසක් අඩාලයි

118

සෞඛ්‍ය වෘත්තීන් 17ක් විසින් ක‍්‍රියාත්මක කර ඇති දීපව්‍යාප්ත දෙදින වැඩ වර්ජනය ඊයේ (3දා) දෙවැනි දිනටත් ක‍්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ සායන රෝගීන්ට හා නේවාසික රෝගීන්ට බෙහෙත් නිකුත් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ ඇතුළු රෝගී පරීක්ෂණ රැුසක් හා සෙසු සෞඛ්‍ය ආයතනවල සේවා කටයුතු ඇනහිට තිබිණි.

මේ හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල් බාහිර රෝගී අංශවල නේවාසික රෝගීහු විශාල පිරිසක් දැඩි අසීරුතාවට මුහුණ පා සිටියහ. ඊයේ ද රජයේ ප‍්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශ සායන රෝගීන් සඳහා නොමිලයේ බෙහෙත් නිකුත් කිරීම රජයේ ඔසුසල් හරහා සිදු වූ අතර සෙසු රෝහල්වල රෝගීන්ට බෙහෙත් ලබා ගැනීම නොහැකි වී තිබිණි. මෙම වර්ජනය හේතුවෙන් ඩෙංගු මර්දන කටයුතු මෙන්ම කොරෝනා ආසාදිතයන් සම්බන්ධ කටයුතුද, පී.සී.ආර්. හා

රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු ද ඇනහිට තිබිණි.

මානුෂීය හේතුන් මත දිවයිනේ සියලූ ළමා, මාතෘ, පිළිකා, වකුගඩු රෝහල් ද, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය, අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය හා මධ්‍යම ලේ බැංකුව තුළ මෙම වර්ජනය ක‍්‍රියාත්මක නොකළ බවත්, වර්ජනය ක‍්‍රියාත්මක වූ කාලසීමාව තුළ රජයේ රෝහල්වල හදිසි සේවාවන් පමණක් සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගිය බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසීය.

මෙම වැඩවර්ජනය හරහා ද සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ලබන මාර්තු 10 වැනිදායින් පසුව එළඹෙන ඕනෑම දිනයකදී නැවත නොදන්වා අඛණ්ඩ වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට සිය වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවද ඔහු කීවේය. ශ‍්‍රී ලංකා රාමුවට ගැළපෙන පරිදි පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි වැටුප් විෂමතාවය ඉවත් කිරීම, අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති පරිදි 5/7 උසස්වීම් සඳහා චක‍්‍රලේඛය නිකුත් කිරීම හා එය පෙරදාතම කිරීම, පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය හා හෙද සේවා සදහා අධ්‍යක්ෂ තනතුරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු ඇති කිරීම, අතිකාල හා වසර 23කින් වැඩි නොකළ නිදර්ශක දීමනා වැඩි කිරීම සදහා එක`ගවූ පරිදි කටයුතු කිරීම යන ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය ක‍්‍රියාත්මක කළ බව හෙතෙම අවධාරණය කළේය.

වර්ජනය අද (04දා) උදෑසන 8ට අවසන් වීමට නියමිතය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment