ගෞරවය හිමිවිය යුත්තේ කොමිසමටයි – ම.උ. කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක

88

විදුලි ගාස්තුව සියයට 20කින් පහත දැමීම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ගත් හොඳ තීරණයක් බව එහි හිටපු සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ට ඊයේ (17 වැනිදා) පැවැසීය.

එහි සම්පූර්ණ ගෞරවය එම කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජිකයන්ට හිමිවිය යුතු බවද හෙතෙම කීය.

ඒ අනුව එයින් ලැබෙන ප්‍රතිලාභ සියල්ලක්ම විදුලිය පරිහරණය කරන මහජනතාවට ලැබිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා මෙසේද කීය.

“පහුගිය අවුරුදු 2 තුළ මම සටන් කළේ මේකටයි. වත්මන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හොඳ තීරණයක් ලබාදීලා තියෙනවා. ඒ නිසා ඒ ක්‍රෙඩිට් එක ඒ අයට ලැබෙන්න ඕන. රටේම ජනතාවට සෑහීමකට පත්වෙන්න පුළුවන් හොඳ තීරණයක්. මට යන්න වුණෙත් මේ ගැන කතා කරන්න ගිහින්. වත්මන් කොමිසම මේ කරලා තියෙන්නෙ නීතිය අනුව බලාත්මක කිරීමයි. දේශපාලන ඇඟිලි ගැහීම්වලින් තොරව කොමිසම ස්වාධීනව මේ තීරණය ලබාදීලා තියෙනවා. සියයට 20ක් අඩු කරනවා කියන්නේ රුපියල් බිලියන 80කටත් වැඩි මුදලක්. ඒ වාසිය විදුලි පාරිභෝගිකයාට ලැබිය යුතුයි. ව්‍යාපාරිකයන් හට ලැබෙන ප්‍රතිලාභත් මහජනතාවට ලබාදිය යුතුයි.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කමල් බෝගොඩ


advertistmentadvertistment