චරිත් අසලංකත් මුම්බායි පිලට

45

ඉන්දියානු – පාකිස්තාන අර්බුදය හමුවේ නැවතුණු අයි.පී.එල්. තරගාවලිය යළි ඇරඹීමේදී මව් රටවල් බලා ගිය විදෙස් ක්‍රීඩකයන් යළි නොපැමිණීම නිසා බොහෝ කණ්ඩායම්වලට යළි ක්‍රීඩකයන් සොයා ගැනීමට සිදුව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ දොර විවර වී තිබේ. තව ද ඔහුට අමතරව එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ සහ රිචඩ් ග්ලීසන් යන දෙදෙනාත් කැඳවා ගැනීමට නියමිතව තිබේ.

අසලංක මුම්බායි පිලට කැඳවා තිබෙන්නේ දකුණු අප්‍රිකානු පිතිකරු කොබින් බෝෂ් සඳහාය. අයි.පී.එල්. තරගාවලියට චරිත් සහභාගිවන්නේ පළමු අවස්ථාවට වීම ද විශේෂත්වයකි.

මුම්බායි ඉන්දියන්ස් පිල මේ වනවිට ඉදිරියට පැමිණ සිටින අතර තරගාවලියේ ඉදිරියට යෑමට හැකියාවක් පවතින බව අවසන්වරට මුහුණදුන් තරගවලදී පෙන්නුම් කළේය.


advertistmentadvertistment