චීනයෙන් මෙරටට තවත් සයිනොෆාම් එන්නත් දසලක්‍ෂයක්

180

* කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා භාරගනී

ගුවන්තොටුපොළ – ටී. කේ. ජී. කපිල

ශ‍්‍රී ලංකාවට පුරා පැතිර යන කොරෝනා ආසාදිත තත්වය මර්දනය කිරීම සඳහා තවත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත‍්‍රා ලක්ෂ 10 ඊයේ (9 දා) දින අලූයම ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එන ලදී.

ශ‍්‍රී ලංකාව විසින් මිල දී ගෙන, මෙරටට රැගෙන ආ දෙවන එන්නත් තොගය මෙයයි.

මෙම එන්නත් තොගය චීනයේ බෙයිජිං සිට රැුගෙන ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් 09 දින අලූයම 05.02 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා විසින් භාර ගැනීම සිදු කෙරිණි.

ඉන්පසුව මෙම එන්නත් තොගය ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ශීතකරණ තුළ ගබඩා කළ අතර, පසුව ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැුගෙන යෑම සිදු කෙරිණි.


advertistmentadvertistment