චීනය ඇමෙරිකානු භාණ්ඩවලට බදු පනවයි

649

ඇමෙරිකාවම එකට එක කිරීමක් වශයෙන් එරටින් ආනයනය කෙරෙන ඇතැම් භාණ්ඩ සඳහා ඊයේ (10දා) සිට ක්‍රියාත්මක වන පරිදි බදු පැනවීමට චීනය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අනුව චීනය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරනු ලබන ගල් අඟුරු හා ද්‍රවමය ස්වභාවික ගෑස් නිෂ්පාදනයන් ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා සියයට 15ක දේශසීමා බද්දක්ද ඇමෙරිකානු බොරතෙල් ‘කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ හා විශාල එන්ජින් සහිත මෝටර් රථ සඳහා සියයට 10 ක බද්දක්ද අය කිරීමට පියවර ගෙන තිබේ.

‘චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 10ක පමණ බදු පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් ඉකුත් සතියේදී කර තිබූ නිවේදනයෙන් පසු ලොව ප්‍රධානතම ආර්ථිකයන් දෙක වන ඇමෙරිකාව හා චීනය අතර පවතින වෙළෙඳ යුද්ධය උග්‍ර වී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment