අයිඩියල් මෝටර්ස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වාදෙයි

611

අයිඩියල් මෝටර්ස් විසින් Ideal Moksha’’ නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ට්‍රික් මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම ඊයේ (28වැනිදා) කොළඹදී සිදු කෙරිණ.

රෝද හතරේ ඉලෙක්ට්‍රික් කොඩි්‍රසයිකල් වාහන මාදිලියට අයත් වන Ideal Moksha මෝටර් රථය 22.46 lWh ලිතියම් බැටරියකින් සමන්විත වේ. ඇම්පියර් 15 ගෘහස්ථ විදුලි පේනුවකට සම්බන්ධ කර පැය කිහිපයකින් ආරෝපණය කිරීමේ හැකියාව ඇති අතර එක් ආරෝපණයකින් කිලෝමීටර් 200ක් දක්වා දුරක් ගමන් කිරීමේ හැකියාවද ඇත. කිලෝග්‍රෑම් 870 ක බරින් යුතු මෙය 1080 rpm වේගයකින් ද සමන්විතය. වඩාත් ඉඩකඩ සහිත වාහනයක් වූ මෙහි රියදුරු සහ තවත් මඟීන් 3 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කළ හැකිය. මෙහි පිටත පෙනුම ද්වි වර්ණ සංකලනයකින් යුක්තය. Apple CarPlay සහ Android Auto යෙදවුම් භාවිත කළ හැකි අඟල් 7ක මල්ටිමීඩියා ස්පර්ෂ තිරයකින්ද සමන්විත නිසා
පාරිභෝගිකයන්ට තමන් ප්‍රියකරන ගීත, තොරතුරු හෝ සිතියම් වැනි දෑ සඳහා පහසුවෙන් පිවිසීමේ හැකියාව පවතී. පූර්ණ වායුසමනය කළ මෝටර් රථයක් වන මෙහි push start සහ ඇලෝයි වීල් වැනි විශේෂාංගද ඇතුළත් වේ. එමෙන්ම, Ideal Moksha රථයේ ඉලෙක්ට්‍රික් මෝටරය සඳහා වසර 2ක පූර්ණ වගකීමක් සහ බැටරියට මිලදී ගත් දින සිට වසර 5ක් දක්වා වගකීමක් හිමි වේ. දිවයින පුරා පිහිටි අපගේ අලෙවි ජාලය හරහා අසමසම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ද ඇත.

ඕනෑම සමාජ තරාතිරමක අයෙකුට දැරිය හැකි මිලකට ලබා ගත හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් වන Ideal Moksha ශ්‍රී ලංකාවේ ගෘහස්ථ භාවිතය සඳහා වඩාත් හොඳින් ගැලපේ. මිලියන 1.5ක් ලියාපදිංචි ත්‍රිරෝද රථ සහ මිලියන 4.5ක් ලියාපදිංචි මෝටර් සයිකල් භාවිතා වන ශ්‍රී ලංකාව වැනි රටකට මෙය පිරිමැසුම්දායී මෙන්ම ආරක්ෂාකාරී, ස්මාර්ට් ප්‍රවාහන විසඳුමකි. පූර්ණ ස්වයංක්‍රීය මෝටර් රථයක් වන මෙහි ගියර් මාරුවක් නොමැතිව ආරම්භයේ සිටම 100%ක ව්‍යවර්ථයක් ලබා දෙයි. පහසුවෙන් අවබෝධ කරගැනීමටත් සුවපහසු රියදුරු අත්දැකීමක් විඳගැනීමටත් Ideal Moksha ඔබට ඉඩකඩ සලසයි. ඉන්ධන අවශ්‍යතාවක් නොමැති නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් පවතින ලොකුම හිසරදයකින් මිදීමටද පාරිභෝගිකයාට හැකිවේ. මේ සියලු සංකලනයන් සමඟ ඔබ වෙත පැමිණි Ideal Moksha,

ශ්‍රී ලංකාවේ ගමන්බිමන් සංස්කෘතියට නව ප්‍රවේශයක් ලබා දෙන බවට සැක නැත. මෝටර් රථයක් ගැන සිහින දකින සාමාන්‍ය පුද්ගලයාගේ සිට වෙළෙඳ ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙකු දක්වා පරාසයක ඕනෑම අයෙකුට ගැළපෙන මෝටර් රථයක් ලෙස ද Ideal Moksha අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය.

මේ පිළිබඳ අදහස් දක්වමින් නලීන් වෙල්ගම මහතා, “Ideal Moksha වෙළඳපොළට හඳුන්වා දීමත් සමඟ, ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් නිපදවීමේ මගේ සිහිනය සැබෑ කරගන්නට අද දවසේ මට හැකියාව ලැබුනා. ප්‍රවේශ මට්ටමේ මොටර් රථයක් වන මෙහි, ලෝකයේ හොඳම මෝටර් රථ තාක්ෂණයන්ට අදාළ නව්‍ය විශේෂාංග ගණනාවක්ද ඇතුළත් කොට තිබෙනවා. මෙවැන්නක් මගේ මවු රටට හඳුන්වා දෙන්නට ලැබීම, මගේ 35 වසරක මෝටර් රථ ව්‍යාපාරික අත්දැකීම් අතර සුවිශේෂී සන්ධිස්ථානයක්. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රික් වාහන යුගයේ සමාරම්භය ද සනිටුහන් කරනවා” යනුවෙන් පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් වෙල්ගම මහතා, අපේ තවත් නිෂ්පාදන දෙකක් අද එළිදක්වා තිබෙනවා. ඉන් එකක් තමයි විදුලියෙන් ක්‍රියාත්මක ඉලෙක්ට්‍රික් මෝපඩ් රථය. ඒ එක්කම එන්ජිමක් සහිත ස්කූටර් එකක් අප ඉලෙක්ට්‍රික් එකක් බවට පරිවර්තනය කර තිබෙනවා. ඒක retrofit නමින් හඳුන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිවෙස් ලක්‍ෂ 55ක් තියෙනවා. එම නිවෙස්වලින් බහුතරයක් සාමාන්‍යයෙන් විදුලි ඒකක 100-200 පමණ ප්‍රමාණයක් තමයි භාවිතා කරන්නේ. එවැනි අයට තමයි විශේෂයෙන් මෝපඩ් රථය සහ විදුලියට පරිවර්තනය කළ ස්කූටරය හා Moksha මෝටර් රථය උචිත වෙන්නේ. ඒ අයට අපි සම්පූර්ණයෙන්ම විදුලි බිලෙන් නිදහස් විය හැකි පරිදි තමන්ගේ නිවෙස්වල සවිකර ගත හැකි

සෝලා පද්ධතියක් ඳුන්වාදීමටත් කටයුතු කරනවා. එය පාරිභෝගිකයාට අවශ්‍ය ප්‍රමාණය තීරණය කිරීමෙන් පසු ඒ සෝලා පද්ධතිය තමන්ගේ නිවසේ වහලය මත සවිකර ගැනීමෙන් පසු ඔවුන්ගේ විදුලිබිල ශුන්‍ය කරගත හැකි වෙනවා. එමගින් ඔවුන්ගේ දෛනික ජීවිතයේ වැඩකටයුතු කර ගැනීම සහ වාහනයේ නඩත්ත්තු කර ගැනීමට විශාල රුකුලක් වෙනවා යැයි කියා සිටියේය.

සංස්කරණය ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment