ලෝක ආර්ථිකයෙන් සියයට 30%ක් පමණ ප්‍රතිශතයක් හිමි කර ගැනීමට චීනය සමත් වී ඇත්තේ ඔවුන් අනුගමනය කරන ජාතික ආර්ථික ප්‍රතිපත්තිය නිසා යැයි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රමිදු පෙරේරා මහතා පවසයි.චීන මාධ්‍ය සමූහය විසින් ඊයේ සංවිධානය කරන ලද විද්වත් සම්මන්ත්‍රණ අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළ්ය.’සැලසුම් සහගත ආර්ථික හා සමාජයීය වැඩ පිළිවෙලක වැදගත්කම’ තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ,කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ,මලයාසියාවේ ක්වාලාලම්පූර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය සහ කොන්ෆියුසියස් අධ්‍යන අංශයේ හිටපු ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මහාචාර්ය විමල් හේවාමානගේ යන මහත්වරුද මෙහිදී දේශන පැවැත්වූහ. චීනය සිය ආර්ථිකය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට විවෘත කර නැති අතර සම්පූර්ණයෙන්ම රජය යටතේ පවත්වාගෙන යන්නේද නැති බවත් මෙම ආර්ථික ප්‍රතිපත්ති දෙක අතර සිට කටයුතු කරන බවත් රමිදු පෙරේරා මහතා කීවේය.එහිදී අත්‍යවශ්‍ය සේවාවන් සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට නොදී රජය යටතේ ද පවත්වාගෙන යමින් නිසි පාලනයකට අනුව කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද සදහන් කළේය.එසේම ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති පවතින සමාජයට ගැළපෙන අයුරින් වෙනස් කරන බවත් එනිසා ඔවුන් මෙම තත්ත්වයට පැමිණීමේදී සිය ආර්ථික ප්‍රතිපත්ති 15 වරක් සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයිද පැවසීය.ඒ අනුව ඉකුත් මාර්තු 05 වැනිදා ඔවුන් විසින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබුවේ වසර 2030 දක්වා වූ පස් අවුරුදු ආර්ථික ප්‍රතිපත්ති යැයි ද කීවේය.මෙම ආර්ථික ප්‍රතිපත්ති වසර 2045 දක්වා ක්‍රියාත්මක කිරීමට ඔවුන් සැලසුම් කර ඇතැයි ද රමිදු පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
|