චීන අභ්‍යවකාශ යානයක් සඳේ අඳුරු කලාපයට ගොඩබස්වයි

169

චීන අභ්‍යවකාශ යානයක් ඉරිදා (2දා) චන්ද්‍රයා මතට ගොඩබස්වා තිබේ.

‘චැංග් ඊ 6’ යනුවෙන් නම් කළ මෙම රොබෝ යානය ගොඩබෑවේ සඳේ අඳුරු කලාපයටය. සඳේ අඳුරු කලාපය යනු සෑමවිටම පෘථිවියට පිටුපා ඇති අඳුරු කොටසය. මෙම අඳුරු කලාපය තවමත් විද්‍යාඥයන්ට අබිරහසකි.

චන්ද්‍රයාගේ පස් සහ පාෂාණ සාම්පල එකතු කිරීම සඳහා මෙතෙක් අඩුවෙන් ගවේෂණය කළ කලාපයක් වෙත මෙම ගොඩබැසීම සිදු කර තිබේ.

අභ්‍යවකාශ යානය බීජිං වේලාවෙන් පෙරවරු 6.23 ට දකුණු ධ්‍රැවය – එයිට්කන් ද්‍රෝණිය ලෙස හැඳින්වෙන විශාල ආවාටයක් ස්පර්ශ කළ බව චීන අභ්‍යවකාශ පරිපාලනය පවසයි.

මෙය චීන සඳ දෙවඟනකගේ නමින් නම් කර ඇති Chang’e සඳ ගවේෂණ වැඩසටහනේ හයවන මෙහෙයුමයි. චීනයේ මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, සඳෙන් පස් සාම්පල පෘථිවියට ගෙන්වා ගන්නා තෙවැනි රට වනු ඇත්තේ චීනයයි.

චීනය නැඟී එන ගෝලීය බලවතා 2030 ලෙස පෙර පුද්ගලයකු සඳ මතට යැවීම අරමුණු කර මෙය සිදු කරයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment