චීන රජය විසින් එරට ආරක්ෂක ඇමැති ඩොන් ජුන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබේ. ඇමරිකානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය විසින් සඳහන් කර ඇත්තේ ඩොන් ජුන් මෙසේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති තෙවැනි චීන ආරක්ෂක ඇමැතිවරයා බවයි.
ඉකුත් වසරේ සිට චීන හමුදාව සම්පූර්ණයෙන් දූෂණයෙන් තොර කිරීමේ වැඩපිළිවෙළක් චීන රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ වූ ජෙනරාල්වරු සහ ආරක්ෂක ක්ෂේත්‍රයේ විධායක නිලධාරීන් රැසක් මහජන විප්ලවීය හමුදාවෙන් ඉවත් කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.