චීන රොකට්ටුවක් කඳුකර ප්‍රදේශයකට කඩා වැටේ

46

පුද්ගලික චීන සමාගමක් විසින් නිපදවූ රොකට් යානයක් පෙරේදා (30) අත්හදා බැලීම සඳහා ගුවන්ගත කළ අවස්ථාවේ එය චීනයේ කඳුකර ප්‍රදේශයකට කඩා වැදී තිබේ. මධ්‍යම චීනයේ හෙනාන් පළාතේ කඳුකර ප්‍රදේශයකට, අදාළ රොකට් යානය කඩා වැදී ඇති අතර ආරක්ෂක පියවරක් වශයෙන් එම ප්‍රදේශයේ වැසියන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ. අදාළ අනතුරෙන් කිසිවෙකුට තුවාල සිදු වී නැතැයි චීන බලධාරීහු පවසති.

ටියන්ලෝන්ග් – 3 නමැති කඩා වැදී ඇති රොකට් යානය චීනයේ පුද්ගලික සමාගමක් විසින් නිපදවූ නැවත භාවිත කළ හැකි වර්ගයේ රොකට්ටුවකි.

advertistmentadvertistment
advertistmentadvertistment