ඡන්දයට සහාය දීමට ග්‍රාම නිලධාරීහු වෘත්තීය ක්‍රියා අත්හිටුවති

33

ජනාධිපතිවරණ කටයුතු සඳහා උපරිම කැපවීම ලබාදීමට ග්‍රාම නිලධාරීන් දියත්කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (18 දා) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කර තිබෙන බව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව හා දීමනා පවතින ආර්ථික තත්ත්වයට අනුව සැකසීම ඇතුළු ඉල්ලීම් අරඹයා ඉකුත් 12 වැනිදා සිට එම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත්කර තිබූ බව එම සන්ධානයේ සභාපති එන්. රණසිංහ මහතා සඳහන් කර තිබේ.

ධර්මසේන වැලිපිටිය


advertistmentadvertistment