ඡන්ද දෙක නොතියා එකෙකුටවත් ගමට යන්න බෑ – වනවාසී රාහුල හිමි

105

දොඩවන කටවල් වහලා දාන්න

ජනාධිපතිවරණයත්, මහමැතිවරණයත් නොතියා ඔය ඉන්න 226න් එකෙකුටවත් ගමකට නම් බහින්න බෑ. මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනකුට ගමකට වදින්න බෑ. ඒ තරම් මිනිස්සු කලකිරිලා. ඔය හැමතිස්සේම දොඩවන කටවල් ටික නම් වහලා දාන්න වෙයි. එහෙම වහලා නොදැම්මොත් ලොකු අපකීර්තියක්, ලොකු කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

අනුරාධපුර පලාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කීය.

මේ මන්ද බුද්ධික මිනිස්සු වගේ මයික් ඉස්සරහා රඟපාන මිනිස්සු තමයි ඔය එක එක කතා කියන්නේ. ව්‍යවස්ථාවක් තියෙනවා රටක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් පවත්වන්න අවශ්‍යය කාලය කියලා තියෙනවා. මේ මෝඩ මිනිස්සු සමහරෙක් මයික් දැක්කම වෙවුලනවා. ජනාධිපතිවරයා සහ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරු මේ පුංචි ළමයි වගේ, මොනවද මේ කියන්නේ. දොඩවන්නේ. ඒ නිසා වගකිව යුතු පක්ෂයක් හැටියට වගකිව යුතු නිලධාරීන් හැටියට එවැනි දේවල් ප්‍රකාශ කිරීම කාලානුරූපි නොවෙයි කියලා මගේ මතය. ඒ නිසා ජනතාව කලබල විය යුතු නෑ. එහෙම දේවල් කරනවා නම් ඒක ආණ්ඩුවටත්, ජනාධිපතිවරයාටත් අවාසියි. ඔය ජනමත විචාරණ එහෙන් මෙහෙන් කොම්පියුටර් ජිල්මාට් දාලා මොනවා හරි වෙනසක් කර ගත්තොත් මිසක් නැත්තන් නම් මොකක්වත් කරගන්න බැරිවෙයි.

තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment