ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද පෙරවරු 10ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.මේ අතර එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණි. මේ සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරයි.
|