ජනපතිවරණය වර්ජනය කරන්නැයි යාපනයේ අත්පත්‍රිකා බෙදයි

379

මෙවර ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මැතිවරණය වර්ජනය කළ යුතු බව කියමින් දෙමළ ජාතික ජනතා සන්ධානය යාපනය පුරා අත්පත්‍රිකා බෙදා හැර තිබේ.

එම පක්ෂයේ සාමාජිකයින් පිරිසක් යාපනය නගරය පුරාම සිටි ජනතාවට මෙම අත්පත්‍රිකා බෙදා දුන් අතර ඒවායේ සඳහන් වූයේ දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන ඒකීය ව්‍යවස්ථාව වෙනුවට බලය බෙදෙන ව්‍යවස්ථාවක් සම්පාදනය වනතුරු උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු බවයි.

ඒකීය රජයක් පිළිගන්නා අපේක්ෂකයකුට දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඵලක් නොවන බවද ඉන් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙන බව ද එම පත්‍රිකාවල සඳහන්ව තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment