ජනාධිපතිවරණයට ඡන්දදායකයන් ලක්ෂ 2ක වැඩිවීමක්

121

ඉදිරි ජනාධිපතිවරණය 2024 නව ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව නව ඡන්ද නාමලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින අතර, ලබන ජූලි 15 වැනිදා වනවිට අවසන් ලේඛනයට අත්සන් කිරීමට කොමිසම කටයුතු කරමින් සිටී.

2023 වසරේ ඡන්ද නාමලේඛනයට සාපේක්ෂව මෙවර නව ඡන්දදායකයන් ලක්ෂ දෙකකින් පමණ වැඩිවනු ඇති බවට මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.

ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලබන මස 17 වැනිදා සිට මැතිවරණ කොමිසමට ලැබෙන අතර, එම මස අගදී බොහෝදුරට ජනාධිපතිවරණය කැඳවීමේ ගැසට් නිවේදනය කොමිසම විසින් නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වෙයි.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment