ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ අවසන් කටයුතු හෙට

240

බටහිර ජපානයේ නාරා නගරයේ මැතිවරණ ප්‍රචාරක දේශනයකදී මාරාන්තික ලෙස ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12දා) සිදු කිරීමට නියමිත බව ජපන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දේහය ඉකුත් සෙනසුරාදා ඔහුගේ උපන් නගරය වන ටෝකියෝ වෙත ළඟා විය.

 ෂින්සෝගේ බිරිඳ වන අකී අබේ හිටපු ජපාන අගමැතිගේ දේහය සමඟ නාරා සිට ටෝකියෝ දක්වා ගමන් කළ බව අබේගේ කාර්යාලය උපුටා දක්වමින් සී.එන්.එන්. වාර්තා කළේය.

 සඳුදා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන අතර ඉන් පසු අඟහරුවාදා අවසන් කටයුතු සිදුකරනු ඇත.

 මේ අතර, අබේ ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බටහිර ජපානයේ නාරා නගරයේ පදිංචි 41 හැවිරිදි ටෙට්සුයා යමගාමිගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කරයි.


advertistmentadvertistment