ජපාන ආරක්ෂක අමාත්‍ය ගෙන් නකටානි මහතා අද (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙහිදී යළි තහවුරු කෙරුණු අතර, විශේෂයෙන් ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය.
ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් තහවුරු කළේය.
සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන් හිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපාන රජයේ, විශේෂයෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අගමැතිවරිය සිය කෘතඥතාව පළ කළාය.
වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා ඇතුළු ප්‍රධාන අංශ පහක් හරහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමටද දෙපාර්ශවයම එකඟ විය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා ඇතුළු ජපානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.