ජපුරේ ආදරවන්තයන්ගේ තොරණට ශිෂ්‍යයෝ ඇවිලෙති

298

ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැති සාදයක් අතරතුර සිසුන් දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමට හේතුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සකස් කර තිබූ තොරණක් සම්බන්ධයෙන් වූ බහින් බස්වීමක් බව හෙළිවිණැයි මිරිහාන මූලස්ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (16 දා) පැවැසීය.

14 වැනිදා රාත්‍රි සිදුවූ ගැටුමේදී තුවාල ලැබූ සිසුන් කීපදෙනෙකුම කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා අංශයේ හා කළමනාකරණ අංශයේ සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment