26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය
ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් මැයි මස 27 සිට 31 දක්වා දකුණු කොරියාවේ ගූමී පුරවරයේ දී ක්‍රියාත්මක කෙරෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම නම් කර තිබේ.
මෙවර ජාතික මලල ක්‍රීඩා කණ්ඩායමට ක්‍රීඩකයන් 13කු ඇතුළත් කර තිබේ. යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් (මීටර් 100, 200 100 × 4), චමෝද් යෝධසිංහ (මීටර් 100, 100 × 4), කාලිංග කුමාරගේ (මීටර් 200, 400, 400 × 4 මිශ්‍ර) එස්. අරුණ දර්ශන (මීටර් 400 , 400 × 4, 400 × 4 මිශ්‍ර), ලෙස ද අර්ථවිදූ (උස පැනීම), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), රොමේෂ් තරංග (හෙල්ල විසිකිරීම), මෙරෝන් විජේසිංහ (මීටර් 100 × 4), දිනෙත් වීරරත්න (මීටර් 100 × 4), චමෝද් දිසානායක (මීටර් 100 × 4), සදෙව් රාජකරුණා (මීටර් 400 × 4 මිශ්‍ර), කල්හාර ඉන්දුප (මීටර් 400 × 4 මිශ්‍ර), ඔමෙල් සසින්ත සිල්වා (මීටර් 400 × 4 මිශ්‍ර) එම ක්‍රීඩකයන් වෙති.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
සංස්කරණය – සුසිල් ජයකොඩි