ජාතික රූපවාහිනියේ නව සභාපති ලෙස පත්වූ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා තම ධුරයෙන් අද (25දා) සිට ඉවත්වීමට තීරණය කර ඇත.
ඒ මහතා පසුගිය සැප්තැම්බර් මස 25දා එම ධුරයට පත්වූ අතර එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශය භාරව සිටි විජිත හේරත් ඇමැතිවරයා අතින් ඔහු එම පත්වීම ලබාගත්තේය.
ඉතා ටික කාලයකට තමා එම ධුරය භාරගත් බවත් එම තනතුරින් අද ඉල්ලා අස්වන බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.
අකිත පෙරේරා