ජීවිතය ජය ගන්න වැදගත් වන බ්‍රහ්ම මූර්තය

1548

ජ්‍යොතිෂ විද්‍යානුකූලව පුරාණ සෘෂිවරුන් පවසන ආකාරයට සුබ වැඩ ආරම්භ කිරීමට සුදුසු වේලාවක් වගේම නුසුදුසු වේලාවක් තියෙනවා. නියම ශාස්ත්‍රයට අනුකූලව නම් ඒ වැඩයේ නිරත පුද්ගලයාගේ කේන්ද්‍රය අනුව, අදාළ කාර්යය අනුව නියම වේලාවක් වෙන් කරගන්න වෙනවා. ඒත් සාමාන්‍ය ව්‍යවහාරයේ රාහු කාලය, සාගර මුහුර්තය ආදිය කිසිදු සුබ වැඩක් පටන් ගැනීමට යොදා ගන්නේ නැහැ. එහෙත් බ්‍රහ්ම මුහුර්තය බොහෝ රාජකාරි සඳහා සුදුසු කාලයකැයි ජ්‍යොතිෂයේ දැක්වෙනවා.

මේ ලෙස දැක්වෙන සුබ කාලයන් අතරින් බ්‍රහ්ම මුහුර්තයට ලැබෙන්නේ සුවිශේෂ තැනකි.

සෑම දිනකම සූර්ය උදාවට සිංහල පැය හතරකට පෙර මෙම මුහුර්තය උදාවන බව පැරණි පොතපතේ සඳහන්ය. (සිංහල පැය 2 1/2 ක් ඔරලෝසු පැය එකකි) සූර්ය උදාවට සිංහල පැය එකකුත් එක් පංචම හෝරාවකට පෙර බ්‍රහ්ම හෝරාව නිමාවෙන බව සඳහන්ය. ( පංචම හෝරාවක් ඔරලෝසු මිනිත්තු 12කි) තේරෙන භාෂාවෙන් ආසන්න වශයෙන් කිවහොත් සාමාන්‍යයෙන් පාන්දර හතරත් පහමාරත් අතර කාලය බ්‍රහ්ම මුහුර්තය වේ.

අෂ්ඨාංග හෘදය නම් ජ්‍යොතිෂ විද්‍යා කෘතියේ සඳහන් වෙන ආකාරයට පහත කරුණුවල යෙදීම බ්‍රහ්ම මුහුර්තයෙන් ආරම්භ කළ හැකිය.

මාර්ගඵල හෝ යෝගී ධ්‍යාන අවබෝධයට සිත මෙහෙයවීම

ස්ත්‍රී පුරුෂයන් අතර සෙනෙහස වර්ධනය කරගැනීම සහ ලිංගික කටයුතු

නිදිබර ගතිය නැතිවන ලෙස යෝගී ව්‍යායාම ආරම්භ කිරීම

පාන්දරින්ම කුඩා දරුවන්ට මව්කිරි දීම

ගහ කොළට සාත්තු කිරීම

පොත් පත්, ශාස්ත්‍රීය විද්‍යා ගණිත ආදී කටයුතු කිරීම

නව සොයාගැනීම් ගවේෂණ ආදියට පාඩම් කිරීම හා බුද්ධිය මෙහෙයවීම ආදී දේ බ්‍රහ්ම මුහුර්තයෙන් පටන් ගැනීම ඒවායේ සාර්ථකත්වයට ඉවහල් වේ.

ඔබ ඉර උදාවට පස්සේ ඇහැරෙන කෙනෙක් නම් ඊට පැය එකහමාරකට කලින් බ්‍රහ්ම මුහුර්තයේ අවදි වීම ඔබේ වැඩවලට තවත් පැයක දෙකක කාලයක් ඉතුරු කරගන්න මාර්ගයක් වේවි. වසර දහස් ගණනක් තිස්සේ සෘෂිවරුන් විසින් අනුදත් බ්‍රහ්ම මුහුර්තයේ වැඩ පටන් ගැනීමෙන් ඔබගේ ජීවිතෙත් සාර්ථක කරගන්නට ලොකු හයියක් ලැබේවි.

ජීවිතය ජය ගන්න වැදගත් වන බ්‍රහ්ම මූර්තය

සමස්ථ ලංකා වෘත්තීය ජොතිෂ්‍යවේදින්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම්,
ජොතිෂය විද්‍යා කීර්ති ශ්‍රි විභූෂණ ආචාර්ය එච්. ඩ්. නුවන්දිකා ඌෂාන්ත්‍රි
076 641 3242


advertistmentadvertistment