ජූලියේ උද්ධමනය සියයට 2.4ට නගී

45

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජූලි මස උද්ධමනය සියයට 2.4ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ජුනි මස උද්ධමනය සියයට 1.7ක් විය. එසේම ඉකුත් ජුනි මස සියයට 1.4ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය ජූලි මාසයේදී සියයට 1.5ක් දක්වා සුළු වශයෙන් වැඩිවී ඇත. එමෙන්ම සියයට 1.8ක් වූ ජුනි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 2.8ක් දක්වා වර්ධනය වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment