ජේ. ආර්. එලීනා සහ රවි සිහිකර හෙට සංඝගත දක්ෂිණාවක්

390

දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 28 වන ගුණානුස්මරණ පුණ්‍යෝත්සවය හා එලීනා ජයවර්ධන මහත්මියගේ හා රවි ජයවර්ධන මහතාගේ ගුණ සමරුව වෙනුවෙන් සපිරිකර සංඝගත දක්ෂිණාවක් නොවැම්බර් මස 01 වැනි සිකුරාදා (හෙට) ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්වේ.

ශ්‍රී ලාංකේය දේශපාලනයේ යුග පුරුෂයකු සේ සැලකිය හැකි ජයවර්ධන ජනාධිපතිතුමන් මෙරට ප්‍රථම මුදල් ඇමැතිවරයාද වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමටද පුරෝගාමී වූයේය. එමෙන්ම ඔහු එදා මෙදා තුර මේ රටේ දේශපාලන ආර්ථික සංවර්ධනයේ දැවැන්ත කාර්යභාරයන්

රැසකට කැප වූවකු විය. 1977 මහ මැතිවරණයේදී විශිෂ්ට ජනවරමක් ලබා තේරී පත්වූ එතුමන් 1978 මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙසද පත්විය. 1906 සැප්තැම්බර් 17 වැනිදා ජන්ම ලාභය ලද එතුමන් 1996 නොවැම්බර් 01දා අභාවප්‍රාප්ත විය.


advertistmentadvertistment