රුපියල් කෝටි 13ක කොකේන් කටුනායක දී අත්අඩංගුවට

180

කටාර් ගුවන් යානයකින් අද මෙරටට පැමිණි සුරිනාම් ජාතික 26 හැවිරිදි තරුණියක් සිය ගමන් මල්ල තුළ රුපියල් කෝටි 13ක් පමණ වටිනා කොකේන් කිලෝ ග්‍රෑම් 2.553ක් සගවා ගෙන පැමිණීමේ දී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඇය බ්‍රසීලයේ සිට කටාර් හි දෝහා නගරය හරහා මෙරටට පැමිණි තිබේ.සිය ගමන් මල්ලේ ආහාර ලෙස සදහන් කළ ටින් පහක් තුළ සූක්ෂ්මව මෙම කොකේන් මත් ද්‍රව්‍ය අසුරා තිබේ.සැකකාර තරුණිය වැඩි දුර පරීක්ෂණ සදහා ශ්‍රී ලංකා පොලිසියේ මත් ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment