ජාජබ නායක අනුර කුමාර දිසානායක සහ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි අතර හමුවක්…

44

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි (Mizukoshi Hideaki) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (19දා) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි Katsuki Kotaro මහතා සහ දෙවැනි ලේකම් Imai Kaori මහත්මියද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතාද එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳවද අවධානය යොමුව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් පිළිබඳව ජාතික ජන බලවේගයේ ස්ථාවරය ජපාන රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින්ට මෙහිදී පැහැදිලි කර තිබේ. ඉදිරියටද ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ජපානයේ ඇති සූදානම ජපාන නියෝජිත පිරිස විසින් මෙහිදී පැහැදිලි කර තිබේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment