ට්‍රම්ප්ට නඩු දාන්න බැහැලු

50

හිටපු අැමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුරයේ සිටියදී සිදුකළ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු ගොනුකළ නොහැකි බවට අමෙරිකානු උපරිමාධිකරණය ඊයේ තීන්දුකරමින් මෙම නියෝගය නිකුත් කර ඇත. අැමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයක් මෙවන් තීන්දුවක් ලබාදී ඇත්තේ ඉතිහාසයේ පළමුවරටය.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පාර්ශ්ව කිහිපයක් වරින්වර අපරාධ නඩු පැවරීමෙන් පසු තමන්ට ජනාධිපති විනිර්මුක්තියක් ඇතැයි නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබුණි.

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ධුර කාලයේදී සිදුකළ නිල රාජකාරිවලට අදාළව ඔහුට එරෙහිව නඩු පැවරීමට නොහැකි බව එම තීන්දුවේ සඳහන්ය.

ඒ අනුව අධිකරණයේ විනිසුරු මඩුල්ලේ 9දෙනාගෙන් 6දෙනෙකුගෙන් බහුතර තීන්දුව බවට පත්ව ඇත්තේ ධුරයේ සිටින ජනාධිපතිවරයාට ඔහුගේ රාජකාරී කටයුතුවලදී ජනාධිපති විනිර්මුක්තියක් ඇති බවය.

ඒ අනුව 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස්කිරීමට උත්සාහ කළ බවට ට්‍රම්ප්ට එරෙහිව ෆෙඩරල් අධිකරණයක් හමුවේ ඇති නඩුවට ද මෙම තීන්දුව ප්‍රබල අභියෝගයක් වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment