ඩයි දාපු ආහාර සොයන්න රස පරීක්‍ෂක වැඩ පටන්ගනී

223

ආහාරයට ගන්නා ද්‍රව්‍යයන් බොහෝමයක ශරීරයට අහිතකර ඩයි වර්ග මිශ්‍ර කර තිබෙන බවට ලැබෙන තොරතුරු ඔස්සේ රජයේ රස පරීක්‍ෂක කාර්යාලය පරීක්‍ෂණ පැවැත්වීමට තීරණය කර ඇත.

පරිප්පු, රතු හාල්, සමහර මිරිස් කුඩු, කහ කුඩු, තේ කොල පවා ඩයි මිශ්‍ර කර තිබෙන බවට නිවෙස්වල ගෘහණියෝ බොහෝ දෙනකු සාක්‍ෂි දරති.

මීට අමතරව පොල් තෙල්වලට පාම් තෙල් මිශ්‍ර කිරීම කර ඇති බවත් කෙසෙල් පවා විවිධ උපක්‍රම යොදා ඉදවා තිබෙන බවටත් විවිධ පාර්ශ්ව පෙන්වා දී ඇත. සැක සහිත මෙම ආහාර වර්ග හෝ බීම වර්ග, පොල් තෙල් ආදිය පළාත්වල සේවය කරන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මාර්ගයෙන් රජයේ රස පරීක්‍ෂක කාර්යාල වෙත යැවීමට සලසන ලෙස එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
නෝමන් පලිහවඩන


advertistmentadvertistment