අදානි සමාගමට ඊශ්‍රායලයේ වාණිජ වරායක්

368

ඊශ්‍රායලයට අයත් දැවැන්ත හයිෆා නැමැති වාණිජ වරාය මිලදී ගැනීමට ඉන්දියාවේ අදානි සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව ආසියාව සහ යුරෝපය අතර නව වෙළෙඳ මාවතක් විවෘත වන බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මධ්‍යධරණී සාගර කලාපයේ පිහිටි වාණිජ මර්මස්ථානයක් ලෙස සැලකෙන ඊශ්‍රායලයට අයත් හයිෆා වරායේ වැඩි කොටස් ඉන්දියාවේ අදානි සමූහයට අලෙවි කර ඇත. ඒ අනුව වරායේ සමස්ත කොටස්වලින් සියයට 70ක් අදානි සමූහය මිලදී ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.18 ක ලංසුවටය. වසර 2ක ටෙන්ඩර් පටිපාටියක් නිමා කරමින් මෙම ගනුදෙනුව සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment