සාලිය පීරිස් දැරූ උත්සාහයක් ජනපති පවසයි

1021


නිර්පාක්ෂික අගමැතිවරයෙක් ලෙස නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා පත්වීමට සූදානමින් සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ සම්බන්ධව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බවත් පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඉවත්වන ලෙසද යෝජනා කළ බවත් කීවේය.තමා කිසිවිටෙකත් අගමැතිවීමට හෝ ජනාධිපතිවීමට සූදානමින් නොසිටි බවත් විපක්ෂ නායකවරයා ආණ්ඩුව භාරගැනීමට ඉදිරිපත් නොවීම නිසා තමාට එය භාරගැනීමට සිදුවූ බවත් කීවේය.එනිසා ජනාධිපතිවීමට සූදානම්ව සූට් මසාගෙන සිටි අයට එය සිදුකරගැනීමට නොහැකිවූ බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment