ඩුබායි රටේ සිට මෙහෙයවන මත්කුඩු ජාලයකට සම්බන්ධ බවට සැක කරන ජාවාරම්කරුවකු ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (15 වැනිදා) දහවල් ගෝනවල, පමුණුවිල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.
මොහු මත්කුඩු අලෙවි කිරීම සඳහා මහමඟට පැමිණ සිටින බවට එම පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත සිදුකරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සමග ඔහු අත් අඩංගුවට ගැනීමට හැකිවිය.
අත් අඩංගුවට ගන්නා ලද මොහු වැඩිදුර විමර්ශන සඳහා සපුගස්කන්ද පොලිසියට භාර දී තිබේ.
මොහු කලක් ඩුබායි රටේ සිට මෙරටට පැමිණ තිබෙන අතර හංවැල්ල, කලුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ඔහු ගෝනවල, පමුණුවිල ප්‍රදේශයේ නිවසක නැවති සිටිමින් කැලණිය, සපුගස්කන්ද හා කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවලට දුරකථන පණිවිඩ ඔස්සේ සම්බන්ධ වී එම මත්කුඩු ජාවාරම සිදුකර තිබෙන බවට අනාවරණය වී ඇත.
ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පො.ප. බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් මොහු සපුගස්කන්ද පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පො.සැ. චමින්ද මහතා (478) විසින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති