ඩෝප් පිට පැමිණි 4 දෙනෙක් නාන ගැහැනුන්ගේ ෆොටෝ ගහලා

91

ගුටි කෙළියක් මැද රන් මාලයකුත් කඩලා

බිබිල පොලිස් වසමට අයත් කොටගම බලාගාරය අසල ළිඳක දිය නාමින් සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනකුට සහ කාන්තාවන් හයදෙනකුට බීමත්ව පැමිණි පුද්ගලයන් සිව්දෙනකු විසින් පහර දී එක් අයකුගේ ගෙල බැඳි රන්මාලයක් කඩාගෙන පලාගොස් ඇතැයි බිබිල පොලිසිය පවසයි.

ව්‍යාපාරික කටයුතුවල නිරත බිබිල රදලියද්ද ළිඳ ළඟ ගෙදර පදිංචිකරුවකු ඔහුගේ මිතුරකු සහ කාන්තාවන් හයදෙනකු සමග කොටගම බලාගාරය අසල ළිඳකට දිය නෑමට ගොස් ඇත.

එසේ දියනාමින් සිටියදී බීමත්ව පැමිණි පුද්ගලයන් සිව්දෙනකු ජංගම දුරකථනයක් මගින් කාන්තාවන්ගේ ඡායාරූප ලබාගෙන තිබේ.

ඒ පිළිබඳව ඇතිවූ බහින්බස් වීමකින් පසු බීමත්ව සිටි පුද්ගලයන් සිව්දෙනා ඔවුන්ට පහර දී පැමිණිලිකරුගේ මිතුරා වන නුවන් චතුරංග ප්‍රසාද් යන අයගේ රුපියල් එක්ලක්ෂ පනස්දහසක් පමණ වටිනා ගෙල බැඳි රන්මාලය කඩා ගෙන පලා ගොස් තිබේ.

පහරකෑමට ලක්වූ පිරිස පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගෙන ඇත.

සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව බිබිල කොටගම පදිංචි ලලිත් නමැති අයකු අත්අඩංගුවට ගෙන ඇත. සෙසු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බිබිල පොලිස් ස්ථානාධිපති ඒ. එස්. පී. සී. කේ සෙනරත් මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක


advertistmentadvertistment