ණය කපන්න එකඟ වෙන්න: චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලූ බව මහ බැංකු අධිපති කියයි

145

ණය කපා හැරීමකට කඩිනමින් එකඟ වන ලෙස චීනයෙන් හා ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වාදී ඇත. බී. බී. සී. ගුවන් විදුලිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආචාර්ය වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ග ගැනීම සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව වන අතර එමගින් සියලු දෙනාට යහපතක් වනු ඇති බවද මහ බැංකු අධිපති ආචාර්ය වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment