රු. ලක්ෂ 20 කට අලෙවි කිරීමට රැගෙන පැමිණි අන්බර (තල්මසුන්ගේ වමනය) කිලෝ 1 ග්‍රෑම් 270 ක් සමග සැකකරුවන් දෙදෙනකු (16දා) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව දිඹුලපතන පොලිසිය පැවසීය.
කෑගල්ල සහ නාවලපිටිය කැටබුලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා තල්මසුන්ගේ වමනය (අන්බර) කිලෝ 1 ග්‍රෑම් 270 ක් රැගෙන විත් දිඹුලපතන ප්‍රදේශයේ පුද්ගලයකුට ලක්ෂ 20 කට අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට දිඹුලපතන පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා පලාගොස් තේ වත්තක සැඟව සිටියදී දිඹුලපතන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ලුහුබඳින අවස්ථාවේ එක් සැකකරුවෙක් සන්කකයේ තිබී අන්බර කිලෝ 1.270 හැටන් කොටගල රෝහල අසල තේ වත්තේ විසි කර දමා තිබියදී පොලිසිය විසින් දැඩි පරිශ්‍රමයක් දරා සොයාගෙන ඇත.
තල්මසුන්ගේ උදරයේ තැන්පත් වී ඇති මේදය තල්මසුන් විසින් ඇතැම් අවස්ථාවල වමනය කරන බවත්, එම වමනය මුහුදු ජලයට මිශ්‍ර නොවීම හේතුවෙන් ජලය මත පාවෙන අතර ඒවා ධීවරයන් විසින් එක්රැස් කර ගොඩබිමට රැගෙන විත් අධික මිලකට අලෙවි කරන බව පැවසේ. අත්අඩංගුවට ගත් අන්බර දැඩි දුගන්ධයක් හමන බවත්, ඒවා අධික ඉහළ මිලකින් යුත් සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලිසිය පැවසීය.
නුවරඑලිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මණ, සහකාර පොලිස් අධිකාරි 03 මාණින්ගමුව යන මහතුන්ගේ උපදෙස් පරිදි දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්දසිරි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
නුවරඑලිය – නාලක රත්නායක