තල් අත්තක් යට සිටි නාගයා දෂ්ට කර කාන්තාවක් මරුට

69

තල් අත්තක් යට සැඟ වී සිටි නාගයෙකු දෂ්ට කිරීම නිසා යාපනයේ වඩමරච්චි අලියාවලෙයි ප්‍රදේශයේ කාන්තාවක් 29 දා මියගොස් තිබේ.

කාන්තාව නිවසේ අවශ්‍යතාවයකට තල්අතු එකතු කරමින් සිටියදී එක් තල් අත්තක් යට සැඟ වී සිටි විශාල නාගයෙකු කාන්තාවගේ හිසට හා අතට දෂ්ට කොට තිබේ.

නාගයා දෂ්ට කළ සැණින් එම කාන්තාව සිහි මූර්ජා වී බිම ඇද වැටී ඇති අතර ස්වල්ප වේලාවකදී එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ තිරුවනාවුකරුසු පුණ්‍යසෝතී නමැති අවුරුදු 46 ක තිදරු මවකි.

මරදන්කේණී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා කාන්තාවගේ මළ සිරුර අවසන් කටයුතු සඳහා ඥාතීන් වෙත භාර දී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment